නාවික හමුදාව විසින් සිදු කරන ලද විශේෂ මෙහෙයුමකදී ශ්‍රී ලංකා මුහුදු සීමාවේ මසුන් ඇල්ලූ ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක් සහ ඉන්දීය ධීවරයින් 11 දෙනෙකු අත්අඩංගුවට ගත් බව වාර්තාවේ.
යාපනය පේදුරුතුඩුවට ඔබ්බෙන් වූ මුහුදු සීමාවේදී මෙම අත්අඩංගුවට ගැනීම ඊයේ සිදුවී තිබිණි
අත්අඩංගුවට ගත් ට්‍රෝලර් යාත්‍රාව සහ ඉන්දීය ධීවරයින් 11 දෙනෙකු කන්කසන්තුරේ වරාය වෙත රැගෙන ඒමෙන් අනතුරුව ඉදිරි නීතිමය කටයුතු සඳහා මයිලඩි ධීවර පරීක්ෂකයන් වෙත භාරදීමට නියමිත බව වාර්තාවේ.